Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිල ශී‍්‍ර ලංකාවේ

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිල ශී‍්‍ර ලංකාවේ

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 හිමි දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා මේ වසරේ ජූනි මස අගදී ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විතය.

දකුණු අපි‍්‍රකානු පිලේ ටෙස්ට් නායක ගේ‍්‍රඒම් ස්මිත් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින බැවින් මෙම තරගාවලියෙදී දකුණු අපි‍්‍රකානු පිල ඒ. බී. ඩිවිලියර්ස් විසින් මෙහෙයවනු ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පළමුවෙන් ආරම්භ වන එක්දින තරගාවලියේ තරග තුනෙන් දෙකක්ම දිවා තරග වන අතර එම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීත් හම්බන්තොටදීත් පැවැත්වීමට නියමිතය. පල්ලෙකැළේදී පැවැත්වෙන එක්දින තරගය දිවා/රාතී‍්‍ර තරගයකි.

ඉන් අනතුරුව පළමු ටෙස්ට් තරගය ගාල්ලේදීත් දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පසුගිය වසරේදී ටෙස්ට් සහ එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් එස්. එල්. පී. එල්. තරගාවලියට කාලය සොයා ගැනීම සඳහා එම ටෙස්ට් තරගාවලිය අවලංගු කර දමන ලදි.


තරග කාල සටන

  • ජූලි 03 - පෙරහුරු තරගය මොරටුව කී‍්‍රඩාංගණයේදී
  • ජූලි 06 - පළමු එක්දින තරගය ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී (දිවා තරගයකි)
  • ජූලි 09 - දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී (දිවා/රාතී‍්‍ර තරගයකි)
  • ජූලි 12 - තුන්වැනි එක්දින තරගය හම්බන්තොටදී (දිවා තරගයකි)
  • ජූලි 16 - 20 පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී
  • ජූලි 24 - 28 දෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී පිටියේදී

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිල ශී‍්‍ර ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.