Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ති‍්‍රත්ව විදුහල පස්වැනි ජයත් ලබාගනී

ති‍්‍රත්ව විදුහල පස්වැනි ජයත් ලබාගනී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ති‍්‍රත්ව විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර මාතරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය. මෙය ති‍්‍රත්ව විදුහල මෙම තරග වාරයේදී ලද 5 වැනි ජයග‍්‍රහණයයි.

එහිදී ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් ලකුණු 54 ක් රැස්කරමින් සහ ඉනිම් දෙකේදීම ලකුණු 43 කට කඩුලූ 8 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

 


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 21.4 කදී සියලූ දෙනා දැවී 59
(රමේෂ් නිමන්ත 13, රවීන් සේයර් 3/5, රශ්මික දිල්ෂාන් 31/4)

ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 59 කදී කඩුලූ 9 ක් දැවී 236
(ඩිලාන් ජයලත් 62, රවීන් සේයර් 54, රශ්මික දිල්ෂාන් නොදැවී 39, සචිර ගාමින්ද නොදැවී 18, තෂිල දොඩන්වල 18, චතුර සුදර්ශන 20/2, කේෂර නුවන්ත 35/2, චානුක දිල්ෂාන් 62/2)

ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 94  
(තිලාන් ප‍්‍රශාන් 17, දුවිඳු තිලකරත්න 43/3, රවීන් සේයර් 40/3, රශ්මික දිල්ෂාන් 10/2)

 


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල පස්වැනි ජයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.