Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන වයස 15 න් පහළ ‘ප‍්‍රීමා’ කුසලාන අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී අනුරාධපුර දිස්ත‍්‍රික් පිල නියෝජනය කරන තිසර කරුණාරත්න ලකුණු 25 ට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ. මෙම තරගය කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -01 පිල සහ අනුරාධපුර දිස්ත‍්‍රික් පිල අතර සමාධි ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මෙම තරගවලදී අනුරාධපුර දිස්ත‍්‍රික් පිල ලකුණු 38 කින් කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -01 පිල ද, කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -02 පිල විසින් ලකුණු 123 කින් මාතලේ දිස්ත‍්‍රික් පිල ද, මඩකලපුව දිස්ත‍්‍රික් පිල ලකුණු 3 කින් යාපනය දිස්ත‍්‍රික් පිල ද, පරාජය කරන ලදි.
කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -01 පිල සහ අනුරාධපුර දිස්ත‍්‍රික් පිල අතර සමාධි ක‍්‍රීඩාංගණයේදී
අනුරාධපුර දිස්ත‍්‍රික් පිල ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 128
(ඉමේෂ් මධුසංඛ 32, නිපුන් තාරක 23, සංකල්ප මල්ෂාන් 16, නිපුන් අශෝක් 22/3, කවිදු රණසිංහ 17/2)
කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -01 පිල ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 92
(නිසංජන හෙට්ටිආරච්චි 26, කවිදු රණසිංහ 15, තිසර කරුණාරත්න 25/5, රුසිත් ඩිල්ෂාන් 16/3)
කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -02 පිල සහ මාතලේ දිස්ත‍්‍රික් පිල අතර යුද හමුදා සංඥා බලකා ක‍්‍රීඩාංගණයේදී
කුරුණෑගල දිස්ත‍්‍රික් කළාප -02 පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 195
(කේ. එල්. වර්ණකුලසූරිය 50, සී. එස්. අතපත්තු 43, සී. එල්. දොඹවෙල 24, අයි. එස්. දොබවත්ත 32/2, සී. එල්. රාජපක්‍ෂ 28/2)
මාතලේ දිස්ත‍්‍රික් පිල ඕවර 33 කදී සියලූ දෙනා දැවී 72
(අයි. එස්. දොඩන්තැන්න 35, ඞී. එල්. බටේපොළ 2/4, සී. එල්. දොඹවෙල 5/2, ජේ. සී. ජයසිංහ 11/2)
මඩකලපුව දිස්ත‍්‍රික් පිල සහ යාපනය දිස්ත‍්‍රික් පිල අතර යාපනය ශාන්ත ප‍්‍රැටි‍්‍රක් විදුහල් ක‍්‍රීඩාංගණයේදී
මඩකලපුව දිස්ත‍්‍රික් පිල ඕවර 25.2 කදී සියලූ දෙනා දැවී 84
(ආර්. නිලූෂාන් 21, එස්. කලයික්ෂාන් 11/4, ඒ. රොෂාන් 21/3)
යාපනය දිස්ත‍්‍රික් පිල ඕවර 20.4 කදී සියලූ දෙනා දැවී 81
(එන්. නොනික් 18, ආර්. නිලූෂාන් 8/4, එස්. තිලිපන් 8/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.