Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිවංක - රිසිත් ධර්මාලෝකය ඔසවා තබති

තිවංක - රිසිත් ධර්මාලෝකය ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (09) ආරම්භ වූ 27 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 116 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ධර්මාලෝක විදුහල වෙනුවෙන් රිසිත් උපමාල් නොදැවී ලකුණු 70 ක් රැස්කර සිටියි.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ගුරුකුල විදුහල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 215 ක් රැස් කළේය. එහිදී ධර්මාලෝක විදුහලේ තිවංක කැකුළුවල දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 81 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය. හෙට (10) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


ගුරුකුල විදුහල පළමු ඉනිම  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 215
(රකිත් නිමේෂ් 23, උදාර රවිඳු 25, ලිසුල ලක්‍ෂාන් 33, ජනිත් විජේසූරිය 32, තරිඳු තාරක 19, ළහිරු චාමර 21, ජයමාල් වන්නිආරච්චි 21, තිවංක කැකුළුවල 81/6)

ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම  ඕවර 34.3 කදී කඩුලූ 2 ට 116
(රිසිත් උපමාල් නොදැවී 70, චමෝද් මෙන්ඩිස් නොදැවී 16)

 


අදහස් (0)

තිවංක - රිසිත් ධර්මාලෝකය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.