Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්දින තරගය විසඳුමකින් තොරයි

තුන්දින තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින ක්‍රිකට් තරගය අද (01) විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට බංග්ලාදේශ ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 450 ක් රැස්කිරීමට සමත් විය.

කමිදු මෙන්ඩිස් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 282 කදී හතරේ පහර 19 ක් සමගින් ලකුණු 169 ක් රැස්කිරීමට සමත් විය. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රීඩක මෙහෙදි හසන් ලකුණු 150 කට කඩුලු 5 ක් දවාගත්තේය.

බංග්ලාදේශ ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 120.1 කදී සියලු දෙනා දැවී 360

ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 121.1 කදී සියලු දෙනා දැවී 450
(සංගීත් කුරේ 104, කමිඳු මෙන්ඩිස් 169, අෂාන් ප්‍රියංජන් 37, ප්‍රියමාල් පෙරේරා 61, රමේෂ් මෙන්ඩිස් 21, මාලින්ද පුෂ්පකුමාර 15, මෙහෙදි හසන් 150/5, මොහොමඞ් මිතුන් 34/2)

බංග්ලාදේශ ‘ඒ’ පිල දෙවැනි ඉනිම ඕවර 1 කදී කිසිවකු නොදැවී 1

-048


අදහස් (0)

තුන්දින තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.