Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගයක එක ඕවරයකදී හයේ පහර 6 ක් ගැසූ පළමු ක්‍රීඩකයා වශයෙන් තිසර පෙරේරා ක්‍රිකට් වාර්තා පොතට එක්විය.
යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන තිසර පෙරේරා, අද (28 වැනිදා) පැවැති අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයකදී මෙම දස්කම කළේය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ඩිල්හාන් කුරේ තිසරගේ ප්‍රහාරයට ලක්වූ පන්දු යවන්නා විය.
පන්දු 13 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ තිසරගේ ප්‍රහාරය නිසා ඕවර 41 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 318 ක් ලබාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාවේ දේශීය තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වූ තිසර පෙරේරාගේ ඉනිම හයේ පහර 8 කින් සමවිත වූ අතර ඔහු මුහුණ දුන්නේ පන්දු 13 කට පමණි.
ඔහුට පෙර, පන්දු 12 කින් අර්ධ ශතකයක් ලබාගත් කෞෂල්‍ය වීරරත්න (පසුගියදා ඉන්දියාවේදී පැවැති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයා) අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියයි.
පළමු පෙළ ක්‍රිකට් තරගයක, එකම ඕවරයකදී හයේ පහර 6 ක් ගැසූ ලෝකයේ 9 වැනි ක්‍රීඩකයා තිසර පෙරේරාය.
1. ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් (1968)
2. රවී ශාස්ත්‍රී (1985)
3. හර්ෂල් ගිබ්ස් (2007)
4. යුවරාජ් සිං (2007)
5. රොස් වයිට්ලේ (2017)
6. හැස්රතුල්ලා සසායි (2018)
7. ලියෝ කාටර් (2020)
8. කිරන් පොලාර්ඩ් (2021)
9. තිසර පෙරේරා (2021)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.