Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට

ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

කොළඹ නාලන්දා විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ත්‍රිත්ව විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී ජෙෆ් වීරසිංහ (62) සහ තිසරු රෂ්මික (56) ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර කවිෂ්ක සේනාධීර ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 267
(ජෙෆ් වීරසිංහ 62, තිසරු රෂ්මික 56, ටේ‍රවෝන් පර්සිවෙල් 32, පුබුදු බණ්ඩාර 27, හසිත බෝයගොඩ 22, මධුෂාන් හසරංග 53/3, කවීෂ් මදුරප්පෙරුම 56/3)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 151
(සුහඟ විජේවර්ධන 72, චමිඳු විජේසිංහ 23, කවිෂ්ක සේනාධීර 32/4, තිසරු දිල්ෂාන් 32/2, විමුක්ති නෙතුමාල් 45/2)

නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුල්ලක් දැවී 3

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.