Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම් උත්තේජක ගත් පාසල් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දඬුවම්

තහනම් උත්තේජක ගත් පාසල් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දඬුවම්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් වූ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් රග්බි පිලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු තහනම් උත්තේජක ගැනීමට වරදකරුවන්වීම නිසා එම කී‍්‍රඩකයන්ට දඬුවම් නියම කිරීමට නියමිතය.

තහනම් උත්තේජක ගැනීම සම්බන්ධයෙන් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් වයස 20 න් පහළ රග්බි පිලේ නායකයා සහ වයස 18 න් පහළ ක‍්‍රීඩකයෙක් වරදකරුවෝ බවට පත්ව සිටිති.

ඞී. එස්. සේනානායක විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර සී. ආර්. පිටියේදී පැවැති පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී දෙපිලේම ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් අහඹු ලෙස තෝරාගෙන ක‍්‍රීඩකයන් සිවුදෙනකුගේ මුත‍්‍රා නියැදි පරීක්‍ෂා කර තිබේ.

මෙම තරගයට පෙර ඞී. එස්. සේනානායක විදුහල් පිලේ සියලූම ක‍්‍රීඩකයන්ට පෙති වර්ගයක් ලබාදුන් බවට කණ්ඩායමේ නිලධාරීන් ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

පරීක්‍ෂණයේදී ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයන් දෙදෙනාගේ පමණක් ‘මීතයිල් හෙක්ස්සෙනමින්’ නැමැති තහනම් උත්තේජකය අඩංගු බවට තහවුරු වීමෙන් පසුව ‘බී’ සාම්පල් පරීක්‍ෂාව කරන ලෙස එම ක‍්‍රීඩකයන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව කළ පරීක්‍ෂාවේදී මෙම කී‍්‍රඩකයන් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව තහවුරු වූ බව ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය පවසයි.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී මහචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසුවේ එම ක‍්‍රීඩකයන් දෙදෙනාගේ ‘බී’ සාම්පල් පරීක්‍ෂවෙන් ද ඔවුන් තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට ඔප්පු වී ඇති බවත් මේ වන විට ඉතිරිව ඇත්තේ දඩුවම් නියම කිරීම පමණක් බවත්ය.

”ත‍්‍රිපුද්ගල විනය කමිටුවක් අද (06) මේ පිළිබඳව පරීක්‍ෂණ කළා. ඒ පිළිබඳව වාර්තාව සමග දඩුවම නියම කර ලබන සතියේ මට දැනුම් දෙයි” යැයි මහචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ ක‍්‍රීඩකයන් දෙදෙනාගේ නම් හෙළිකළ නොහැකි බවයි.

”මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ඇතුළත් වූ කණ්ඩායම පිළිබඳවත් සාකච්ඡුා කිරීමට පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව රැස්වෙනවා. එම තරගයේදී සියලූම ක‍්‍රීඩකයන්ට පෙති වර්ගයක් ලබාදුන් බවට එම පාසල පිළිගැනීම නිසා ඒ පිළිබඳව සාකච්ඡ කරන්න වෙනවා” යැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙම පරීක්‍ෂණය පැවැත්වූ ත‍්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා කටයුතු කළ අතර නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහ කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රෝහිණි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

 

 

 


අදහස් (0)

තහනම් උත්තේජක ගත් පාසල් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දඬුවම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.