Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත්විය. මෙම තරගය ඊයේ සහ අද (26-27) කොළඹ විජේරාම මාවතේදී පැවැත්විණ.

අද (27) දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඞී. එස්. සේනානායක විදුහල ලබාගත් ලකුණු 270 ට පිළිතුරු වශයෙන් කිසිවෙකු නොදැවී ලකුණු 56 ක් ලබාසිටි තර්ස්ටන් කී‍්‍රඩකයෝ, අද සවස් වරුව වන විට සියලූදෙනා දැවී ලකුණු 312 ක් රැස්කළහ.

තර්ස්ටන් විදුහල වෙනුවෙන් චරන නානායක්කාර (61), අයේෂ් වීරරත්න (නොදැවී 53) සහ සජිත් ගුණතිලක (52) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

හතරේ පහර 9 ක් සමගින් පන්දු 168 කදී ලකුණු 100 ක් රැුස්කිරීමට ඞී. එස්. සේනානායක විදුහලේ කවින් බණ්ඩාර සමත්විය. මෙය ඔහු මෙම තරගවාරයේදී ලබාගත් සිව්වැනි ශතකයයි.


ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම -  ඕවර 75 කදී සියලූදෙනා දැවී 270
(කවින් බණ්ඩාර 100, උවින් බණ්ඩාර 53, අකීල් ඉන්හාම් 30, උදේෂ් සේනානායක නොදැවී 21, අචින්ත කල්පන 58/3, තිමිර ජයසිංහ 31/2, මින්හාජ් ජලීල් 35/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම -  ඕවර 109 කදී සියලූදෙනා දැවී 312
(චරන නානායක්කාර 61, අයේෂ් වීරරත්න නොදැවී 53, සජිත් ගුණතිලක 52, රවීෂ ලොකුගේ 38, මින්හාජ් ජලීල් 33, තිමිර ජයසිංහ 28, ගීත් පෙරේරා 52/2, ශිෆ්රාන් මුතාලිෆ් 58/2)

ඞී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 8 කදී කිසිවෙකු නොදැවී 27


- 036
 

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.