වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය.
පී. සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ තික්ෂිල ද සිල්වා පන්දු 36 කදී ලකුණු 71 ක් ලබාගනිමින් ඩිමෝ ලංකා කණ්ඩායම අවසන් තරගය සදහා රැගෙන යාමට සමත්විය.
මාස් යුනිචෙලා සහ ඩිමෝ ලංකා කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ මස 19 වැනිදා වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.බී. ෆිනෑන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 170
(ලක්ෂාන් රොඞ්රිගූ 44, සහන් ආරච්චිගේ 29, ඇන්ජලෝ පෙරේරා 24, ඉෂාර ප්‍රශාන් 18/2, මතීෂ පෙරේරා 18/2, නිසල තාරක 31/2)
ඩිමෝ ලංකා - ඕවර 18.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 173
(තික්ෂිල ද සිල්වා 71, රමේෂ් මෙන්ඩිස් 33, සම්මූ අශාන් 22, චරිත් සුධාරක 19/2, සහන් ආරච්චිගේ 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.