අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් අද (2) අම්බලන්ගොඩ අන්නබඩ නදී තීරයේ පැවැති විවෘත පිහිනුම් තරගාවලියේ සත්කාරක අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේ එස්.එම්. ගවිඳු කවිෂ්ක විවෘත පිරිමි ශූරතාව දිනා ගත්තේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එස්.කේ.එස්. බියංකා විසින් විවෘත කාන්තා ශූරතාව දිනාගන්නා ලදී.
පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කගේ පමණ සහභාගිත්වයෙන් විවෘත තරග ඉසව් හතක් යටතේ පැවැති මේ පිහිනුම් තරගාවලියේ විවෘත පිරිමි වයස 14න් පහළ කිලෝ මීටර් එක පිහිනුම් තරගාවලියේ ශූරතාව සත්කාරක අම්බලන්ගොඩ ඩොල්ෆින් ජලක්‍රීඩා සමාජයේ එච්. තුෂාන් කුමාර විසින්ද එම පිහිනුම් තරගාවලියේ විවෘත කාන්තා ශූරතාවද අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේ එච්.ඒ. කෞශල්‍යා වොෂානි විසින් දිනා ගන්නා ලදී.
වයස 11න් පහළ මීටර් 500 බාලක බාලිකා පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව අම්ලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේම කේ.ජී. රුසිරු යසේන් විසින්ද එම පිහිනුම් තරග ඉසව්වේ බාලිකා ශුරතාව අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේම කේ.බී. හිරුණි රන්සිකා විසින් දිනා ගන්නා ලදී.
ආබාධිත සෙබලුන් අතර පැවැති විවෘත පිහිනුම් තරගාවලියේ ශූරතාව පාබල හමුදාවේ එම්. ප්‍රේමචන්ද්‍ර විසින් දිනා ගන්නා ලදී.
මේ පිහිනුම් තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තේරීම් කමිටුවේ ලේකම් එල්. ග්‍රෙගරි ගැමුණු ද සිල්වා, ශ්‍රී ලංකා නෙස්ලේ සමාගමේ බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ පිහිනුම් තරගාවලියේ නිල ප්‍රතිඵල මෙසේය.
● විවෘත පිරිමි තරගය
1. එස්.එම්. ගවිඳු කවිෂ්ක (ඩොල්ෆින් ජලක්‍රීඩා සමාජය)
2. ආර්.එම්. හනුෂ තරුමාල් (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ)
3. එම්.ජී. සංඛ අවිශ්ක කුමාර (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
● වයස 14න් පහළ බාලක තරගය
1. එච්. තුෂාන් කුමාර (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය - අම්බලන්ගොඩ)
2. දුල්හාර ඉසුරින්ද (ගුණ ජය සතුට පදනම - සීනිගම)
3. කවීෂ චාමත් (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ)
● වයස 11න් පහළ බාලක තරගය
1. කේ.ජී. රුසිරු යසේන් (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
2. නෙසදු නිදුවර (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
3. එම්.කේ. විදුෂ චන්දුව (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
● ආබාධිත යුධ හමුදා තරගය
1. එම්. ප්‍රේමචන්ද්‍ර (බූස්ස යුධ හමුදා කඳවුර)
2. ඩී.එම්.එස්.පී. විජේරත්න
3. එන්.ඒ.එම්.ඩබ්ලිව්. සුමුදු පැතුම්
● විවෘත කාන්තා තරගය
1. එස්.කේ.එස්. බියංකා (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ)
2. කේ. සලනි නෙත්මිණි (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
3. යසිඳු කවිෂානි (ගුණ ජය සතුට පදනම - සීනිගම)
● වයස 14න් පහළ බාලිකා තරගය
1. එච්.ඒ කෞශල්‍යා වොෂානි (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
2. එන්.එච්. අනර්කලී ද සිල්වා (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ)
3. ඩී.එච්. නෙතුමි නිසල්මා (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
● වයස 11න් පහළ බාලිකා තරගය
1. කේ.බී. හිරුණි හේසිකා (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
2. එම්.එම් අමර්ෂා සොනාලි (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
3. එච්.එන්. යෙනුලි අනුපමා (ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජය)
|
|
|
|
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.