Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් වූ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් රග්බි පිලේ නායක ඩෙවින් ආරියකුමාර සහ බුද්ධිම ප‍්‍රියරත්න තහනම් උත්තේජක ගැනීමේ වරදට මාස හයක තහනමකට යටත් කිරීමට ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය පියවර ගෙන තිබේ.
මෙහිදී ක‍්‍රීඩකයන්ට අමතරව එම විදුහලේ රග්බි පුහුණුකරු ලෙස කටයුතු කරන විරාජ් ප‍්‍රසන්ත මහතාට ද දඩුවම් පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ. මෙම ක‍්‍රීඩකයන්ගේ තහනම මේ වසරේ ජූනි මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා බලපැවැත්වේ.
ඞී. එස්. සේනානායක විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ජූනි මස 26 වැනිදා සී. ආර්. පිටියේදී පැවැති පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී දෙපිලේම ක‍්‍රීඩකයන් අහඹු ලෙස තෝරාගෙන කළ පරීක්‍ෂණයේදී මෙම ක‍්‍රීඩකයන් දෙපළ තහනම් උත්තේජක ගෙන ඇති බවට සනාථ විය.
මෙම තරගයෙන් ඞී. එස්. සේනානායක විදුහල ලකුණු 23-20 ක් ලෙස තියුණු ජයක් ලැබූ අතර සාන්ත තෝමස් විදුහල එම තරගාවලියේදී පරාජය වූ එකම තරගය ද එය වේ.
මේ පිළිබඳව පරීක්‍ෂණය පැවැත්වූ ත‍්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර මහතා කටයුතු කළ අතර නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා සහ කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රෝහිණි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුදමකදී පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ එම දඩුවම් පැනවීම පිළිබඳව තමන්ට මේ දක්වා ලිඛිතව දැනුම්දී නොමැති බවත් එය ලැබුණු පසු විධාවක කමිටුව රැස්ව මෙම සිද්ධියට අදාළ තරගයේ ප‍්‍රතිඵලය පිළිබඳව තීරණයක් ගන්නා බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.