බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 43 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් පිතිකරුවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක සකීබ් අල් හසන් සහ අබූ හයිදර් කඩුලු 2 බැගින් දවාගනිමින් රාංපූර් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ.
රාංපූර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රවී බොපාරා පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 28 ක් රැස්කළේය. එහෙත් පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයෑම රාංපූර් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සකීබ් අල් හසන් පන්දු 33 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
මෙහෙදි මරූෆ් (33) සමග හයවැනි කඩුල්ල වෙනුවෙන් එක්ව පන්දු 43 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් අල් හසන් සමත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ මරූෆ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
එහිදී රුබෙල් හුසේන් සහ ඉබාදත් හුසේන් කඩුලු 2 බැගින් දවාගනිමින් රාංපූර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 137
(එවින් ලුවිස් 14, මෙහෙදි මරූෆ් 33, සකීබ් අල් හසන් නොදැවි 47, රුබෙල් හුසේන් 32/2, ඉබාදත් හුසේන් 37/2)
රාංපූර් රයිඩරස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 94
(ජොන්සන් චාල්ස් 26, රවී බොපාරා නොදැවී 28, අල් හසන් 13/2, අබූ හයිදර් 23/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.