Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටිරාන් - ගීෂාන් රජකීය පිල දිනවති

ටිරාන් - ගීෂාන් රජකීය පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටිරාන් ධනපාලගේ සිව්වැනි ශතකයත් (නොදැවී 143) ශතකය පෙනි පෙනී දැවීගිය ගීෂාන් පණ්ඩිතරත්නගේ (94) පිතිහරඹයත් නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් රාජකීය විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලූ දෙනා දැවී 197
(නිලූෂ දුල්මිණ නොදැවී 63, හරීන් බුද්දිල 30, ලසිත් ඇඹුල්දෙණිය 68/3, හේලිත විතානගේ 26/2, හිමාෂ රාමනායක 29/2)

රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 113 කදී කඩුලූ 8 ක් දැවී 398
(ටිරාන් ධනපාල නොදැවී 143, ගීෂාත් පණ්ඩිතරත්න 94, ප‍්‍රබෝද ගුරුගේ 33/2, ගිහාන් නිරෝෂන් 63/2)

 


අදහස් (0)

ටිරාන් - ගීෂාන් රජකීය පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.