Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටේප් බෝල් ශූරතාව ප‍්‍රජාපති ගෝතමියට

ටේප් බෝල් ශූරතාව ප‍්‍රජාපති ගෝතමියට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාතේ පාසල් බාලිකා කණ්ඩායම් අතර ප‍්‍රථමවරට පැවැති දකුණු පළාත් අන්තර් පාසල් වයස 17න් පහළ ඕවර පහළවයි - 15 සීමිත  ඕවර ටේප් බෝල් තරගාවලියේ ශූරතාව අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය දිනාගත් අතර එහි අනුශූරතාව රත්ගම දේවපතිරාජ විදුහල් බාලිකා කණ්ඩායමට හිමිවිය.

දකුණු පළාතේ පාසල් 10 බාලිකා කණ්ඩායම් අතර පැවැති තරගාවලියේ අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය විසින් අම්බලන්ගොඩ පී. ද එස් කුලරත්න විද්‍යාලය පරාජය කරමින් ද රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් නාරන්දෙණිය විද්‍යාලය පරාජය කරමින්ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්හ.

දේවපතිරාජ විද්‍යාලයීය බාලිකා කණ්ඩායම  ඕවර 15කදී කඩුලූ 9ක් දැවී 117
(පූජා රංජනී 40, සත්‍යා සන්දීපනී 38, දිල්ෂානි මේනකා 28/2)

ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය  ඕවර 12.1කදී කඩුලූ 2ක් දැවී ලකුණු 118
(අචිනි මධුෂිකා 41, එම්. කවිතා නොදැවී 39, පූජා රංජනි 35/2)

 


අදහස් (0)

ටේප් බෝල් ශූරතාව ප‍්‍රජාපති ගෝතමියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.