ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ (II) වැනි කොටසේ) ශී‍්‍ර ලංකාව සහ පිලිපීනය අතර පැවති ටෙනිස් තරගාවලියෙන් තරග 3-1 ක් ලෙස ජය ගැනීමට පිලිපීනය අද (2 වැනිදා) සමත්විය.
අද උදෑසන හර්ෂණ ගොඩමාන්න සමග පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් වාර්තා කළ ටේ‍්‍රට් හූලී, තවත් තරගයක් ඉතිරිව තිබියදීම පිලිපීන කණ්ඩායමේ ජය තහවුරු කළේය.
තරගයේ පළමු වටයෙන් ලකුණු 6/2 ක ජයක් වාර්තා කිරීමට හර්ෂණ ගොඩමාන්න සමත්වූවත්, ඉතිරි තරග වට තුනේදීම ටේ‍්‍රට් හූලී හමුවේ පිළිවෙළින් ලකුණු 6/4 ක්, 6/4 ක් සහ 6/4 ක් ලෙස පරාජයට පත්වීමට ඔහුට සිදුවිය.
අද සවස නිෂාංගන් නඩරාජා සහ ජෝන් පැට්ට්‍්‍රක් අතර තවත් තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණද, උදෑසන පැවති තරගය අවසන් වනවිටත් තරගාවලියේ ජය පිලිපීනය සතුවීම නිසා එම තරගය අත්හැර දමන ලදි.
තරගාවලියේ පළමු දිනයේ (31 වැනිදා) පැවති කේවළ තරග දෙකේදී ජෝන් පැට්ටි‍්‍රක් පරාජය කරමින් හර්ෂණ ගොඩමාන්නද, නිෂාංගන් නඩරාජා පරාජය කරමින් රූබන් ගොන්සාලේස්ද ජය වාර්තා කළ අතර කණ්ඩායම් දෙකම එක් ජයග‍්‍රහණය බැගින් ලබා සම තත්ත්වයේ පසුවූහ.
දෙවැනි දිනයේ පැවති යුගළ තරගයෙන් හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්ෂ පරාජය කළ රූබන් ගොන්සාලේස් සහ ටේ‍්‍රට් හූලී තම කණ්ඩායමට ජයග‍්‍රහණ 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ අත්කර දුන්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.