Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙස්ට් කී‍්‍රඩකයෝ 8 ක් ‘ඒ’ පිලට එක්වෙති

ටෙස්ට් කී‍්‍රඩකයෝ 8 ක් ‘ඒ’ පිලට එක්වෙති

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව අනිද්දා (11) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ආරම්භ වන පළමු සිවුදින තරගය සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ටෙස්ට් ක‍්‍රීඩකයන් 8 දෙනකු ඇතුළත්ව සිටිති.

උපුල් තරංග, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජෙහාන් මුබාරක්, නිරෝෂන් දික්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න සහ ශාමින්ද එරංග ක‍්‍රීඩකයෝ ටෙස්ට් ක‍්‍රීඩකයෝ වෙති. අෂාන් ප‍්‍රියංජන් එක්දින තරග 18 කට ක‍්‍රීඩා කර තිබේ.

පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිදු කෞෂාල් නැවතත් ‘ඒ’ සංචිතයට කැදවා තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
උපුල් තරංග (නායක), දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ජෙහාන් මුබාරක්, නිරෝෂන් දික්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ, මාධව වර්ණපුර, රොමේෂ් බුද්ධික, තරිදු කෞෂාල් සහ කසුන් මධුසංඛ

 


අදහස් (0)

ටෙස්ට් කී‍්‍රඩකයෝ 8 ක් ‘ඒ’ පිලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.