Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙනිස් මුල් පුටුව ඉක්බාල්ටම

ටෙනිස් මුල් පුටුව ඉක්බාල්ටම

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා සංගමයේ සභාපති ධූරය සඳහා නැවත වරක් නිරතගෙන් පත්විය. සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකුත් සෙනසුරාදා (17 වැනිදා) ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ.

සංගමයේ සියලුම තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර උප සභාපතිවරු 7 දෙනෙක්, ලේකම්වරයෙක්, සහකාර ලේකම්වරු 4 දෙනෙක්, භාණ්ඩාගාරිකවරයෙක්, ක්‍රීඩාංගණ ලේකම්වරයෙක් සහ කමිටු සාමාජිකයන් 18 දෙනෙක් එහිදී නිතරගයෙන් පත්වූහ.

උප සභාපතිවරයෙක් ලෙස පත්වූ කේ. පී. ඒ. ජයසේකර මහතා හැරුණුකොට සංගමයේ සෙසු ප්‍රධාන තනතුරු සඳහා පත්වූ සියලුම නිලධාරීන් මින් පෙරද එම තනතුරු දැරූ නිලධාරීහු වෙති.

ශ්‍රී ලංකා පාසල් ටෙනිස් සංගමය නියෝජනය කිරීම සඳහා එම්. එස්. ඒකනායක මහතා උප සභාපතිවරයෙක් ලෙසද, ජාලිය යසරත්න මහතා සහ එස්. රවිරාජ් මහත්මිය කමිටු සාමාජිකයන් ලෙසද නිලධාරී මඩුල්ලට ඇතුළත් කර ගැණින.

 

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නව නිලධාරී මඩුල්ල

සභාපති - ඉක්බාල් බින් අයිසැක් මහතා

ලේකම් - ප්‍රදීප් ගුණසේකර මහතා

උප සභාපතිවරු - සුරේෂ් සුබ්‍රමනියම්, රවින්ද්‍රනාත් පෙරේරා, අශෝක අබේවර්ධන, උදිත වික්‍රමසිංහ, සොහාන් පැට්‍රික්, කේ. පී. ඒ. ජයසේකර සහ එම්. එස්. ඒකනායක යන මහත්වරු

සහකාර ලේකම්වරු - විපුල් පෙරේරා, සමන්ත වීරසේකර, නිෂාන් ගුණසේකර සහ රුක්මාල් කුරේ යන මහත්වරු

භාණ්ඩාගාරික - නිලූෆර් අන්වරැලි මහත්මිය

ක්‍රීඩාංගණ ලේකම් - ශිරාන් අබේසේකර

කමිටු සාමාජිකයෝ - අමල් විමලරත්න, ෂෙහාන් මීගම, ප්‍රදීප් කරුණාතිලක, ලසන්ත පෙරේරා, ලාලක පීරිස්, ඩී. එන්. පත්බේරිය, රාජිත දමින්ද, ඩී. ඒ. අතුකෝරල, පී. විතානගේ, එම්. සී. එම්. අන්සා, අරුණ නිරෝෂන්, අනුක ජයරත්න, මනෝත් ඉද්දවල, දිනේෂ් වීරක්කොඩි, හේෂානි බෝගොල්ලාගම, සී. ජේ. රණවීර, ජාලිය යසරත්න සහ එස්. රවිරාජ් යන මහත්ම මහත්මීන්

 


අදහස් (0)

ටෙනිස් මුල් පුටුව ඉක්බාල්ටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.