Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටමීම් තරගාවලියෙන් ඉවතට

ටමීම් තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේදී තුවාල ලැබූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබේ.

ටමීම් මෙම තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් වම් අතේ මැණික් කටුව පෙදෙසේ වැදී තුවාල ලබා පිටියෙන් ඉවත් විය. ඉන් පසු ඔහු ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කර ඇති අතර ඒ අනුව සති කීපයක් විවේක ගැනීමට සිදුව තිබේ.

ටමීම් තුවාල ලබන විට ලකුණු 2 ක් රැස්කර සිටියේය.  

 


අදහස් (0)

ටමීම් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.