සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ දී ගම්පොළ ප්‍රදේශයේ පාසල් පහක් වන වික්‍රමබාහු ජාතික පාසල, ජිනරාජ බාලිකා විදුහල, වැවතැන්න මහ විදුහල, ශා. ජෝසප් බාලිකා විදුහල සහ පන්විලතැන්න මහ විදුහල සිය ආධිපත්‍ය පතුරවාලීමට සමත්වූහ.
ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේ දී වයස අවු 20න් පහළ බාලක ශූරතාව ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල විසින්ද එම බාලිකා ශූරතාව ගම්පොළ ජිනරාජ බාලිකා විදුහල විසින්ද දිනා ගන්නා ලදහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කේ.පී.ජී.එන්. පබසර (ජිනරාජ විදුහල) සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වයි.යමීහා රිෆාස් (ශා. ජෝසප් බාලිකා) සම්මාන ලැබූහ.
තරග ප්‍රතිඵල
වයස අවු 20න් පහළ බාලක
■ ශූරතාව - වික්‍රමබාහු ජාතික පාසල ගම්පොළ
■ අනු ශූරතාව - වැවතැන්න මහ විදුහල ගම්පොළ
■ 3 වැනි ස්ථානය - අනුරුද්ධ කුමාර ජාතික පාසල නාවලපිටිය
වයස අවු 20න් පහළ බාලිකා
■ ශූරතාව - ජිනරාජ බාලිකා විදුහල ගම්පොළ
■ අනු ශූරතාව - ශා. ජෝසප් බාලිකා විදුහල ගම්පොළ
■ 3 වැනි ස්ථානය - පන්විලතැන්න මහ විදුහල ගම්පොළ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.