ජාතික දැල්පන්දු පුහුණුකරු ලෙස පත්වූ තිලකා ජිනදාස මෙනෙවියට ක්‍රීඩා ඇමැති අනුමැතිය ලැබුණු බව නිලවශයෙන් ඇයට දැනුම්දීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පෙරේදා (17) පියවර ගත් බව වාර්තාවේ. ඒ නියෝජ්‍ය සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා එහි විධායක සභාව රැස්වීමෙන් පසුවය. දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය මේ වනවිට විදේශගතව සිටීම නිසා නියෝජ්‍ය සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් එම විධායක සභා රැස්වීම පවත්වා තිබේ.
නව ජාතික දැල්පන්දු පුහුණුකාරිණියගේ පත්කිරීමෙන් පසුව ඇගේ දීමනා හා ගෙවීම් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශය ඇමැති අනුමැතිය ලබාදීමේ ලිපියෙන් දැල්පන්දු සම්මේලනය දැනුවත් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය ජුනි 18වැනිදා පැවැත්වුණත් එහි නිලධාරී මණ්ඩලය ඝනපූර්ණය සම්පූර්ණ වූයේ පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්වීමේදීය.
කෙසේ වුවත් නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසුව මෙතෙක් ක්‍රියාත්මක වැඩසසටහන් දියත් නොවීම පිළිබඳව අනුසංගම් වෙතින් චෝදනා එල්ලවෙමින් තිබෙන අතර මධ්‍යම කමිටු රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා මේ වන විට එම අනු සංගම් කීපයක් දැල්පන්දු සම්මේලනයට ලිපි යොමුකර ඇතැයි ද වාර්තාවේ.
මධ්‍යම කමිටු රැස්වීමක් අවම වශයෙන් මාස තුනකට වතාවත් වත් පැවැත්විය යුතු වුවත් සම්මේලනයේ නව නිල කාලය ඇරඹීමෙන් පසුව මෙතෙක් මධ්‍යම කමිටු රැස්වීමක් පවත්වා නැතැයිද දැල්පන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතර ජාතික දැල්පන්දු තේරීම් කමිටුව නිර්දේශ කිරීමටද මෙතෙක් පියවරගෙන නැත. ඒ සදහා නාමයෝජනා 10ක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.