Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 51 වැනි ජාතික කැරම් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ලබන ජනවාරි 2 වැනිදා දක්වා අයදුම්පත් බාරගැනේ. තරගාවලිය ලබන ජනවාරි 13 වැනිදා සිට සති අන්ත දින කීපයකදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ නුගේගොඩ කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේදීය.

කේවල (කාන්තා/පිරිමි) යුගළ (කාන්තා/පිරිමි) මිශ්‍ර යුගළ සහ ප්‍රවීණයන් සඳහා වන ඉසව් හයකින් තරගාවලිය සමන්විතය. ඒ සඳහා දිවයිනේ ඕනෑම කැරම් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට අයදුම් කළ හැකි බව කැරම් සම්මේලනයේ මාධ්‍ය ලේකම් ප්‍රනාන්දු කෝදාගොඩ මහතා පවසයි. ප්‍රවීණයන්ගේ ඉසව් සඳහා ඉදිරිපත් විය හැක්කේ වයස 40න් ඉහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.

තරග අයදුම්පත් කැරම් සම්මේලන මූලස්ථාන හැරුණු කොට Carrom Federation of Sir Lanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැකිය. ජන කමිටු සභාපති බ්‍රිඞ්ලි වික්‍රමසිංහ මහතා (0773402432) හෝ තරග ලේකම් අමිතා වික්‍රමසිංහ මහත්මිය  (0718193287) ඇමතීමෙන් තරගාවලියේ වැඩිපුර තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

ජාතික කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.