Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික රුවල්ඔරු කනිෂ්ඨ තරග අද-හෙට

ජාතික රුවල්ඔරු කනිෂ්ඨ තරග අද-හෙට

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ආධුනික රුවල් ඔරු සංගමය සංවිධානය කරන 37 වැනි ජාතික කනිෂ්ඨ හා අතරමැදි රුවල් ඔරු තරග මාලාව අද සහ හෙට (11-12) තලංගම කොස්වත්ත, රුවන්පුර දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඒ සඳහා දිවයිනේ පාසල් හා ක්‍රීඩා සමාජ රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති. එහිදී වයස 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ පරිදි කාණ්ඩ තුනක බාලක හා බාලිකා තරග ඉසව් කනිෂ්ඨ කාණ්ඩය යටතේ පැවැත්වේ. ඒ අතර අතරමැදි ඉසව්ව සඳහා පාසල් හා ක්‍රීඩා සමාජ 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත්ව සිටිති.

පසුගිය වසර දෙකත් පුරා (2020-21) රට තුළ උද්ගත වූ කොවිඩ් වසංගතයෙන් පසුව වඩාත් සංවිධානාත්මකව මෙවර (2022) තරග මලාව සංවිධානය කිරීමට රුවල් ඔරු සංගමය උනන්දුවී සිටියි.

තරගමාලාව ඊයේ (10) ආරම්භ වූ අතර මෙම දෙදින පුරා ඉසව් 46ක තරග පැවැත්වේ. ඒ අතර ඉසව් අවසන් තරග 31ක් නිම තරග මාලාව අවසන් දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගමාලාව කොවිඩ් නීති රීති මාලාවට අනුගත වෙමින් පැවැත්වෙන පැවැත්වෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයායි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තරගාවලියට අනුග්‍රහය දක්වයි. 


අදහස් (0)

ජාතික රුවල්ඔරු කනිෂ්ඨ තරග අද-හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.