Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර විනිසුරුවන් 4කට රු. 50,000ක මාසික දීමනාවක්

ජාත්‍යන්තර විනිසුරුවන් 4කට රු. 50,000ක මාසික දීමනාවක්

යොහාන් භාසුර - 2020 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් විනිසුරුවන් කොන්ත්‍රාත් ගතකිරීම යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවන් සිවුදෙනකුට මසකට රුපියල් 50,000 බැගින් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවේ අනුමැතිය හිමිවිය.

මෙහිදී විනිසුරුවන් 20 දෙනකු වාර්ෂික කොන්ත්‍රාත් ගතකිරීමට යෝජනාවට ද අනුමැතිය ලැබුණු අතර ඒ අනුව නැඟීඑන කාණ්ඩයේ විනිසුරුවන් 6 දෙනකුට රුපියල් 30,000 බැගින් ද, පළමු පෙළ විනිසුරුවන් 10 දෙනකුට රුපියල් 25,000 බැගින් ද, ගෙවීමට අනුමැතිය පළවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුව පෙරේදා (15) පස්වරුවේ රැස්වූ අතර එහිදී මෙම තීරණය එළඹන විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි ජාත්‍යන්තර විනිසුරු කාණ්ඩයට රුචිර පල්ලියගුරුගේ, ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු ඇතුළත් වෙති.

 


අදහස් (0)

ජාත්‍යන්තර විනිසුරුවන් 4කට රු. 50,000ක මාසික දීමනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.