ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් කපා දමා ඇති බව වාර්තා වේ.
සචිත්ර සේනානායක, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න සහ ඩිල්ෂාන් මුණවීර තරගාවලිය සඳහා නම් කර ඇති කණ්ඩායම්වලට ඇතුළත්ව නොමැති බව වාර්තා වේ.
මෙම තරගාවලියට කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරක් සහභාගි වෙයි.
රුපියල් ලක්ෂ 750 ක් වියදම් කරමින් සංවිධානය කරන මෙවැනි දැවැන්ත තරගාවලියකින් ප්‍රබල ක්‍රීඩකයන් කපා හැරීමෙන් තරගාවලියේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතු වන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.
තරගාවලියෙන් ඉවත්කිරීම පිළිබඳව ටෙස්ට් ක්‍රීඩකයකු තේරිම් කමිටුවෙන් කළ විමසුකදී පවසා ඇත්තේ විස්සයි20 ජාතික කණ්ඩායම තේරීමේදී ආදාල ක්‍රීඩකයා සළකා නොබලන බවයි.
මෙම ක්‍රීඩකයන් පස්දෙනා දේශීය තරගාවලිවලදී අඛණ්ඩව දස්කම් අතර සිටින ක්‍රීඩකයෝ වීම කැපී පෙනේ.
ටෙස්ට් ක්‍රීඩක 33 හැවිරිදි සචිත්ර සේනානායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විස්සයි20 තරග අංශ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයකු වන අතර සචිත්ර එක්දින තරග 49 කදී කඩුලු 53 ක් ද, විස්සයි20 අන්තර්ජාතික තරග 24 කදී කඩුලු 25 ක් ද, දවාගෙන තිබේ.
ප්‍රවේගකාරී පිතිකරු වන 31 හැවිරිදි චාමර කපුගෙදර එක්දින තරග 102 කදී සහ විස්සයි20 තරග 43 කදී ජාතික පිල නියෝජනය කළේය.
තුන් ඉරියව් ක්‍රීඩක 32 හැවිරිදි මිලින්ද සිර්වර්ධන සිරිවර්ධන ටෙස්ට් තරග 5 කදී, එක්දින තරග 26 කදී සහ විස්සයි20 තරග 22 කදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කර තිබේ.
සීකුගේ ප්‍රසන්න සහ ඩිල්ෂාන් මුණවීර ද ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ වෙති.
මෙම තරගාවලිය මේ මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැළේ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.