Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජයසූරියගේ රිය වල් ඌරෙකු හා ගැටේ

ජයසූරියගේ රිය වල් ඌරෙකු හා ගැටේ

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඊයේ (2) රාත්‍රියේ සිය ගම් ප්‍රදේශය වන මාතර බලා යද්දී සුළු රිය අනතුරකට මුහුණ දුන් නමුත් කිසිදු ශාරීරික හානියකින් තොරව ගැලවී තිබේ.

පාර්ලිමේන්තු මෛත්‍රිවරයෙකුද වන සනත් ජයසූරිය මහතා කොළඹ සිට මාතර බලා යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිංනදූවට කි.මී. 3 ක් පමණ තිබියදී විශාල වල් ඌරෙකු ජයසූරිය මහතා ගමන් ගත් ජීප් රියේ වැදීම නිසා වාහනය අනතුරට පත් විය.

ජීප් රායේ වැදුණු වල් ඌරා විසි වී වාහනයේ බොනට්ටුව මතට වැටුණු නමුත් වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි නොවීම නිසා ජයසූරිය මහතාත් රියදුරාත් අනතුරු රහිතව ගැලවී තිබේ.

එම අවස්ථාවේදී වාහනය පදවන ලද්දේ ජයසූරිය මහතාගේ රියදුරා විසිනි.


අදහස් (5)

ජයසූරියගේ රිය වල් ඌරෙකු හා ගැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.