Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා මහගස්වැව රතනපාලට - දෙබෑගම රන්තරුට

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා මහගස්වැව රතනපාලට - දෙබෑගම රන්තරුට

editorial - 2025 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ඩයලොග් - ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව මහගස්වැව රතනපාල ක්‍රීඩ සමාජය විසින්ද, එහි පිරිමි ශූරතාව දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරගාවලිය සංවිධානය විය.එහිදී පිරිමි අවසන් මහ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්  අතර එය වට පහක් දක්වා ඇදී ගියේය.

අවසන් මහ තරග කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්විණි.එහි විශේෂත්වය වූයේ පිරිමි අවසන් මහ තරගයට නිර්දේශ ලැබූ දෙපිලම එකම පුහුණුකරුවකුගේ සේවය ලබා ගත් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහලේ ක්‍රීඩකයන් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් වීමයි.

ඒ හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු චමින්ද ජයරත්න මහතා අවසන් මහ තරගයේ සේවයට සහභාගි වීමෙන් වැළකී සිටියේය.

පසුගිය වසරේ (2024) තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා පිළිවෙලින් අම්පාර මාස් හා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් යන කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී.

 

අවසන් මහ තරග ප්‍රතිපල

කාන්තා

• මහගස්වැව රතනපාල ක්‍රීඩා සමාජය විසින් වට 3  - 1කට මහව විජයබා ක්‍රීඩා සමාජය ( 25/21 - 25/17 - 15/25 - 25/23) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : - කිරිදිවෙල සංඝමිත්තා ක්‍රීඩා සමාජය

 

පිරිමි

• දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය විසින්  රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය වට 3 - 2 කින් ( 25/18 -26/24 - 21/25 - 21/25 - 15/13) පරාජය කරන ලදී.

• තෙවැනි ස්ථානය : -නාත්තන්ඩිය එක්සත් (යුනයිටඩ්) ක්‍රීඩා සමාජය

අවසන් මහ තරගයේ  දක්ෂතම ක්‍රීඩකයා : -එස් ආර්.ජේ.දිසානායක (රන්තරු)

අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව : - ප්‍රීතිකා ප්‍රබෝධනී (රතනපාල)


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා මහගස්වැව රතනපාලට - දෙබෑගම රන්තරුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.