Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජගත්ගේ ඡායාරූප ප්‍රදර්ශනය 6 දා සිට

ජගත්ගේ ඡායාරූප ප්‍රදර්ශනය 6 දා සිට

editorial - 2025 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රවීන ඡායාරූප ශිල්පියකු වන ජගත් කළුපහන විසින් මෙතෙක් ගන්නා ලද ක්‍රීඩා ඡායාරූප සහ අනෙකුත් ඡායාරූප ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් මේ මස 6, 7 සහ 8 දිනවල රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේදී පැවැත්වෙයි. සෑම දිනකම පෙරවරු 10.00 ට ආරම්භ වන ඡායාරූප ප්‍රදර්ශනය සවස 6.00 දක්වා පැවැත්වේ. 

වෘත්තිය ඡායාරූප ශිල්පියකු වන ජගත් කළුපහන, ස්වර්ණභූෂණ (2018), විශ්වාභිනන්දන (2019) සහ කොළොම්තොට අභිනන්දන (2025) යන සම්මාන ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන්නෙකි. කලක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඡායාරූප ශිල්පියා ලෙසින් ද කටයුතු කළේය. 

කොළඹ මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදී හේමන්ත ගුරු මහතා යටතේ ඡායාරූප කලාවට අතපොත් තැබූ ජගත්, කැමරාව අතට ගැනීමට පෙර සිටම පොත පත - සඟරා පරිශීලනයෙන් ඡායාරූප කලාව පිළිබඳව ඉගෙන ගත්තේය. 1984 දී ඡායාරූප ශිල්පීන්ගේ ජාතික සංගමයට බැඳී, 1987 දී එහි ඩිප්ලෝමාව ලබාගත් ජගත්, 1994 දී පළමු වරට ඡායාරූප ශිල්පියකු ලෙසින් සම්මානයට පාත්‍ර විය. එතැන් සිට සම්මාන සහ අගයකිරීම් බොහෝය. අන්තර්ජාතික සම්මාන ද රැසකි. 

මේ දක්වා රටවල් 15 කට වැඩි සංඛ්‍යාවක සංචාරය කර ඇති ජගත් ඒවායේ සුන්දර ස්ථාන බොහොමයක් ද සිය කැමරාවේ සටහන් කරගත්තේය. ඒ අතර අත්‍යලංකාර ක්‍රීඩා ඡායාරූප රැසකි. 

රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගල්කිස්ස පොලිසිය සහ පරම ධම්ම චේතිය පිරිවෙනේ පූර්ණ සහයෝගය මත රත්මලාන ප්‍රාදේශීය සංස්කෘතික කවය විසින් මෙම ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. 

- 213 


අදහස් (0)

ජගත්ගේ ඡායාරූප ප්‍රදර්ශනය 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.