ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටින ක්‍රීඩා සමාජ ලැයිස්තුව හෙවත් ඡන්ද හිමි නාමලේඛණයට එරෙහිව විරෝධතා හතරක් ඉදිරිපත් වී තිබේ. ඡන්ද හිමි නාමලේඛණයට විරෝධතා ඉදිරිපත් කිරීම අද (21) පස්වරු 4.00 ට අවසන් විය.
එහිදී ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් සළකා බැලීම ලබන සෙනසුරාදා පෙරවරු 10.00 ට ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකිරීමට නියමිතය. විරෝධතා ඉදිරිපත් කළ පාර්ශව ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
එම විරෝධතා හතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව ඊයේ පස්වරුවේම සිය බාරයට ගෙන තිබේ.
එම විරෝධතා සළකා බැලීම නිලවරණ කමිටුවේ සාමාජිකයන් වන විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලක, අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන සුනිල් සිරිසේන යන මහත්වරුගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.