Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චිතගොංග් වයිකින්ස් පිලට ලකුණු 45 ක ජයක්

චිතගොංග් වයිකින්ස් පිලට ලකුණු 45 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාජෂාහී කිංග්ස් කණ්ඩායම සහ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය රාජෂාහී පිතිකරුවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් රාජෂාහී කණ්ඩායමේ පිතිකරුවන් අසරණ කළේය.

රාජෂාහී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සමීත් පටේල් පන්දු 26 කදී වේගවත් ලකුණු 62 ක් රැස්කළ හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. එහෙත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා රාජෂාහී කණ්ඩායමට තරගය ජයගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලුයිස් රීස් පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කළේය.
 
නායක ලුක් රොන්කි (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුයිස් රීස් සමත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ රොන්කිගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

විතගොංග් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා පන්දු 20 කදී නොදැවී ලකුණු 42 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. ලුයිස් සහ රාසා එක්ව විතගොංග් ඉනිමේ ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ගොඩනැගූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 86 කි.


චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 194   
(ලුක් රොන්කි 42, ලුයිස් රීස් නොදැවි 80, සෞම්‍ය සාකර් 17, සිකන්දර් රාසා නොදැවී 42, කුවාසි ඔනික් 18/2)

රාජෂාහී කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 149
(සමීත් පටේල් 62, මුෂ්ෆිකුර් රහීම් 15, සාකිර් හසන් 19, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 17, සිකන්දර් රාසා 14/4, සුන්සමුල් ඉස්ලාම් 14/2)


- 036

 


අදහස් (0)

චිතගොංග් වයිකින්ස් පිලට ලකුණු 45 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.