Last Update  :  2026-05-20 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් ලොක්කන්ට උපහාර පිරිනැමුණු දා

චෙස් ලොක්කන්ට උපහාර පිරිනැමුණු දා

editorial - 2026 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ ප්‍රධානීන් දෙදෙනාගේ චෙස් දිවියට අඩ සියවස සැපිරීමේ උපහාර උත්සවයක් ලෝක චෙස් සම්මේලනයේ සභාපති අකාඩි ඩවෝකෝවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර රෝයල් ප්ලාම්ස් බීච් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහිදී චෙස් දිවියට අඩ සියවසක් සැපිරීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්වූවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ සභාපති බහරට් සින්ග් චනුහාන් සහ එම සම්මේලනයේ ලේකම් හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වත්මන් සභාපති ලක්ෂ්මන් විජේසූරිය යන මහත්වරුන් දෙදෙනා වෙනුවෙනි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මේ උත්සවය සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට එම සම්මේලනයේ උප සභාපති රජේන්ද්‍ර කළුගම්පිටිය, භාණ්ඩාගාරික ඉරෝෂ් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මේ උත්සවයේදී උපහාර ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ සභාපති බහරට් සින්ග් චවුහාන් සහ එම සම්මේලනයේ ලේකම් ලක්ෂ්මන් විජේසූරිය යන මහත්වරුන් දෙදෙනාට උපහාර තිළිණ ප්‍රදානය ද සිදු කෙරිණ.

 


අදහස් (0)

චෙස් ලොක්කන්ට උපහාර පිරිනැමුණු දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.