කොට්ටාව, මත්තේගොඩ සුපර් නයිටිස් චෙස් විද්‍යායතනය පළමු වරට සංවිධානය කරන ‘සුපර් නයිට්ස් චෙස් ශූරතාවලිය’ මේ මස 24 සහ 25 දෙදින කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ.
වයස 8 න්, 10 න්, 12 න් සහ 16 න් පහළ බාලක සහ බාලිකා යන අංශ දෙකෙන්ම පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන්ට සහ තරගකාරියන්ට සහභාගි වියහැකිය.
වයස් කාණ්ඩවල බාලක සහ බාලිකා අංශ දෙකේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවලට රන්, රදී සහ ලෝකඩ පදක්කම් පිරිනැමෙන අතර පාසල් මට්ටමින් සමස්ත ශූරතාව පිරිනැමීමට නියමිතය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීම මේ මස 21 වැනිදා පස්වරු 2.00 සිට 5.00 දක්වා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0714707583 යන දුරකථනයෙන් හෝ ymihiranga@yahoo.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකිය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.