Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙන්නායි පිලට ලකුණු 34 ජයක්

චෙන්නායි පිලට ලකුණු 34 ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර ඉන්දියාවේ රාංචිහිදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 34 ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය. වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක්  ඕවර 17 කට සීමාකර කෙරිණ.

ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිලට නියමිත  ඕවර 17 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
කොල්කටා පිලේ රොබින් උක්තාපාට (47) සහ යූසෆ් පතන්ට (41) හැරුණු කොට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවායෑමට චෙන්නායි පිලේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

 ඕවර 4 ක් යවා ලකුණු 12 කට කඩුලූ 4 ක් දවාගත් රවින්ද්‍ර ජදේජා කොල්කටා පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත  ඕවර 17 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබාගත්තේය.  

බ්‍රෙන්ඩන් මැකලම් (56) සහ සුරේෂ් රයිනා (31) එක්ව චෙන්නායි පිලේ දෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූහ.

පන්දු 40 කින් වාර්තාවූ මැකලම්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත් විය.


චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 17 කදී කඩුලූ 3 කට 148
(ඞ්වේන් ස්මිත් 16, බ්‍රෙන්ඩන් මැකලම් 56, සුරේෂ් රයිනා 31, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 22, රවින්ද්‍ර ජදේජා නොදැවී 17, ශකීබ් අල් හසන් 25/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 17 කදී කඩුලූ 9 කට 114
(රොබින් උක්තාපාට 47, යූසෆ් පතන්ට 41, රවින්ද්‍ර ජදේජා 12/4, මෝහිත් ශර්මා 22/3)


- 036


අදහස් (0)

චෙන්නායි පිලට ලකුණු 34 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.