ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් චෙන්නායි පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.
චෙන්නායි පිතිකරුවෝ ලකුණු 146 ක ඉලක්කය ඕවර 19.3 කදී කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කළහ. කොදෙව් පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 46 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 66 ක රැස්කරමින් චෙන්නායි ජයග‍්‍රහණය පහසු කළේය.
ඞ්වේන් ස්මිත් (66) සහ බ්‍රෙන්ඩන් මැකලම් (40) ලකුණු 85 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ශක්තිමත් පදනමක් දැමූහ.
ඒරන් ෆින්ච් පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ඩැරන් සැමී (නොදැවී 23) සහ කර්න් ශර්මා (නොදැවී 17) ඉනිමේ අවසන් පන්දු 16 යේදී ලකුණු 36 ක් රැස්කිරීම නිසා ලකුණු 145 ක් දක්වා යෑමේ අවස්ථාව උදාවිය.
ප‍්‍රබල පිතිකරුවන් වන නායක ශීකර් දාවන් (07) සහ ඬේවිඞ් වෝනර් (0) ආසාර්ථක වීම හේතුවෙන් හයිද්‍රාබාද් ඉනිම අඩපණ විය. හයිද්‍රාබාද් පිලේ නායක ශීකර් දාවන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 145 (ඒරන් ෆින්ච් 44, ලෝකේෂ් රාහුල් 25, වෙනුගෝපල් රා ඕ 13, ඩැරන් සැමී නොදැවී 23, කර්න් ශර්මා නොදැවී 17, බෙන් හිල්ෆින්යුස් 32/2, මොහිට් ශර්මා 27/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.3 කදී කඩුලූ 5 ක් දැවී 146 (ඞ්වේන් ස්මිත් 66, බ්‍රෙන්ඩන් මැකලම් 40, සුරේෂ් රයිනා 14, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 13, බුවනේෂ්වර් කුමර් 23/2, ඉෂාන්ත් ශර්මා 37/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.