ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (23) පැවැති තරගයෙන් චෙන්නායි පිල ලකුණු 7 තියුණු ජයක් ලැබීය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 141 ක ඉලක්කය හඹායන රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.5 කදී ලකුණු 133 කට සීමා විය. රවීන්ද්‍ර ජඬේජා අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කොදෙව් ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 28 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
රවීන්ද්‍ර ජඬේජා අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් රැස් කළේය.
චෙන්නායි පිලේ ප‍්‍රබල පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් මැකලම් (06), සුරේෂ් රයිනා (04), ෆෆ් ඩූ ප්ලීසිස් (07) සහ මහේන්ද්‍ර සිං දෝනි (05) අසාර්ථක වීමෙන් ලකුණු 140 කින් සීමා වීමට සිදුවිය.
රජාට් බාටි ඕවර හතරේදී ලකුණු 13 කට කඩුලූ දෙකක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් කාසියේ කාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
චෙන්නායි පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 140 (ඞ්වේන් ස්මිත් 50, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 36, මිතුන් මන්හාස් 10, රජාට් බාටි 13/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 133 (අජින්යා රහනේ 15, සංජු සැම්සන් 16, ස්ටීව් ස්මිත් 19, රජාට් බාටි 23, දාවල් කුල්කරනි නොදැවී 28, රවීන්ද්‍ර ජඬේජා 33/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.