Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චීන තායිපේ පිල ශ්‍රී ලංකාව පරදවයි

චීන තායිපේ පිල ශ්‍රී ලංකාව පරදවයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 13-0 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක චීන තායිපේ කණ්ඩායම සමත් විය. 

එම තරගය ඉනිම් 6 කට සීමා වූ අතර තෙවැනි ඉනිම අවසානයේ ලකුණු 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි චීන තායිපේ ක්‍රීඩකයෝ සිවුවැනි ඉනිමේදී තවත් ලකුණු 7 ක් ලබාගනිමින් ලකුණු පරතරය වැඩි කරගත්හ.

එහෙත් තරගය පුරාම ප්‍රබල චීන තායිපේ කණ්ඩායම හමුවේ එක් ලකුණක් හෝ රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ. 

මින් පෙර පැවැති තරගවලදී කොරියාව හමුවේ ලකුණු 18-0 ක් ලෙසද, පිලිපීනය හමුවේ ලකුණු 8-5 ක් ලෙසද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ තරග 3 දීම පරාජයන්ට මුහුණදීමට සිදුවිය. 

 


අදහස් (0)

චීන තායිපේ පිල ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.