Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී නැගෙනහිර පළාත් කණ්ඩායම පරදවා ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත්විය.
මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායම වෙනුවෙන් චාරුක ජයතිලක (61) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. හේෂාන් උමින්ද සහ දිනුක අනුපමාල්ද කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
බස්නාහිර දකුණ (පිටත) - ඕවර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 239
(චාරුක ජයතිලක 61, අමිල පෙරේරා 58, රංදුල දසුන් 40, මිතිල තෙනුර 23, ඉශාන් කුමාර 60/3, මනුල ගිත්මිණ 31/2, ශෙවොන් නිවන්ත 33/2, එස්.ශකීර්දන් 36/2)
නැගෙනහිර පළාත - ඕවර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 102
(ශෙවොන් නිවන්ත 31, බිම්සර භානුක 21, හේෂාන් උමින්ද 12/3, චාරුක ජයතිලක 20/3, දිනුක අනුපමාල් 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.