Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල් - තිරිමාන්න - දිමුත් වෙනසක් කරනවා

චන්දිමාල් - තිරිමාන්න - දිමුත් වෙනසක් කරනවා

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉදිරි වසර කීපයේදී ලෝක එක් දින පිටියේ කැපී පෙනෙන ක‍්‍රීඩකයින් බවට පත්වෙනු ඇතැයි ශී‍්‍ර ලංකාවේ හිටපු එක්දින ක‍්‍රීඩක කුමාර් සංගක්කාර සඳහන් කරයි. ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්නද නිදහසකින් මෙන්ම රිද්මයකින් පහරදෙන කී‍්‍රඩකයෙතු බවද එක්දින පිටියේ නැගී එන කී‍්‍රඩකයෙකු බවට පත්වෙනු ඇතැයි ද සංගා පවසයි.

ඊළඟ වසර කීපයේදී එක්දින පිටියේ කැපී පෙනෙන කී‍්‍රඩකයන් කවුරු වේදැයි නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ අදහස් දැක්වීය.

ඔවුන් තිදෙනාට අමතරව නවසීලන්තයේ විලියම්සන්, ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්, මෙන්ම ඉන්දියාවේ අජින්ක්‍යා රහානේද එක්දින පිටියේ වෙනසක් කරනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.

ළහිරු තිරිමාන්න වසරින් වසර සිය දක්ෂතා වර්ධනය කර ගන්නවා. ඔහු කී‍්‍රඩා කරන  ඕනෑම ස්ථානයක හොඳින් දක්ෂතා දක්වනවා. දිනේෂ චන්දිමාලූත් හොඳින් දක්ෂතා දක්වනවා. ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණෙන දිමුත් කරුණාරත්න මැද පෙළ ක‍්‍රීඩා කරනවා. ඔහු හොඳ නිදහසකින් හා රිදුමයකින් පන්දුවට පහර දෙනවා.

මම ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ කී‍්‍රඩා කරන හැටි බලන්න කැමතියි. ඔහු ඇත්තවශයෙන්ම සම්භාවනීයයි. කාර්යක්ෂමයි. ඔහු ගොඩාක් වර්ධනය වෙලා තියෙනවා. නවසීලන්තයේ කේන් විලියම්සන්  ඕනෑම තරග රටාවක හොඳ තරුවක්. ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් ගැන විශ්වාස කරන්නත් බෑ. දැන් ඔහු ඉන්නේ කොහේද ? ” යැයි සංගා පැවසීය. 

 


අදහස් (0)

චන්දිමාල් - තිරිමාන්න - දිමුත් වෙනසක් කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.