කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොල්ලූපිටිය මහානාම විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ඊයේ (22) අවසන් වූ ‘රන් සටන’ 8 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 37 ක ජයක් ලැබීමට සමත් වූහ.
මෙම රන් සටන මහ ක‍්‍රිකට් තරගයේ පූර්ණ ජයග‍්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ වමතින් වේග පන්දු යවන බිනුර ප‍්‍රනාන්දු මෙහිදී ලකුණු 85 කට කඩුලූ 13 ක් දවා ගනිමින් ඞී. එස්. සේනානායක විදුහල් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
බිනුර ප‍්‍රනාන්දු තරගයේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත් අතර උවින් බණ්ඩාර දක්‍ෂතම පිතිකරු සම්මාන ලැබීය. මහානාම විදුහලේ නයන ප‍්‍රභාත් දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන හිමිකර ගත්තේය.
මහානාම විදුහල පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටිය ද, පෙරේදා පෙරවරුවේ ලකුණු 104 සීමා කළ ඞී. එස්. සේනානායක විදුහල් පන්දු යවන්නෝ දෙවැනි ඉනිම ලකුණු 125 කට සීමා කිරීමට සමත් වූහ.
ඞී. එස්. සේනානායක විදුහලේ උවින් බණ්ඩාර පළමු දිනයේ පන්දු 136 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 100 ක් රැස් කරමින් වැඩි වාසියක් ගෙන ඒමට සමත් විය.
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම ඕවර 65.3 කඩුලූ 5 ට 266 (කවීන් බණ්ඩාර 90, උවින් බණ්ඩාර 100, තිමිල විද්‍යාසේකර 33, හරිත් මධුවන්ත 28, දිනුක කරුණාසේකර 55/2)
මහානාම විදුහල පළමු ඉනිම ඕවර 39.2 සියලූ දෙනා දැවී 104 (සුබුද්ධි කෞෂල්‍ය 21, ගිහාන් සංජය 29, බිනුර ප‍්‍රනාන්දු 40/6, තිමිල විද්‍යාසේකර 16/2, දුලීක බ‍්‍රහක්මනගේ 17/2) සහ දෙවැනි ඉනිම ඕවර 41.1 කදී සියලූ දෙනා දැවී 125 (සහන් පීරිස් 25, කලිඳු ලක්‍ෂාන් 19, සෙනුර වෙලගෙදර නොදැවී 18, තනුල වික‍්‍රමසිංහ 16, සුබුද්ධි කෞෂල්‍ය 15, බිනුර ප‍්‍රනාන්දු 45/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.