Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝල්ඩ් කෝස්ට් යාමේ අවස්ථාව ගිලිහෙයි

ගෝල්ඩ් කෝස්ට් යාමේ අවස්ථාව ගිලිහෙයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ගෝල්ඩ් කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ නියමිත දිනයට පෙර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම නිසා එම තත්ත්වය උද්ගතවී තිබෙන බවයි.

ඕස්ට්‍රේලියාවේ ‘ගෝල්ඞ් කෝස්ට් නුවරදී 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ලබන අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ක්‍රීඩා ඉසව් 17ක් ඇතුළත්ව පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් දෙදනෙකු බැගින් නිර්දේශ කිරීමේ අවස්ථාව හිමිව තිබූ බව ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් ඒ සඳහා අවසරපත් ඉදිරිපත් කිරීමේ අවසන් අවස්ථාව පසුගිය සිකුරාදා (17) අවසන් විය.
ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාව නියෝජනය කෙරෙන අවසරපත් නියමිත දිනයට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට යැවීමට පියවර ගෙන නොතිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

ගෝල්ඩ් කෝස්ට් යාමේ අවස්ථාව ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.