Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගයෙති

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගයෙති

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ශූර නායක ගුවන් භට එම්. සිවරාජන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සමග

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා ඇගයීම් උත්සවයක් ඉකුත්දා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මේ වසරේ (2021) ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අවසන් වන තෙක් පැවැති ආරක්‍ෂක සේවා ක්‍රිඩා තරගාවලියේදී සහ ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා කණ්ඩායම් එහිදී ඇගයීමට ලක් කෙරිණ.

ආරක්‍ෂක සේවා ගෝල්ෆ් ශූරතාවය දිනූ ගුවන් හමුදා පිරිමි ගෝල්ෆ් කණ්ඩායම, ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවය දිනූ ගුවන් හමුදා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම, ආරක්‍ෂක සේවා ස්කොෂ් ශූරතාවය දිනූ ගුවන් හමුදා ස්කොෂ් කණ්ඩායම, ආරක්‍ෂක සේවා දුන්නෙන් විදීමේ ශූරතාවය දිනූ ගුවන් හමුදා කාන්තා දුන්නෙන් විදීමේ කණ්ඩායම සහ ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට ජාතික මහ ක්‍රීඩා උළෙලක මැරතන් ධාවන තරගයේ රන් පදක්කම දිනා ගනිමින් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ ශූරතාවය දිනාගත් නායක ගුවන් භට එම්. සිවරාජන් මෙලෙස ඇගයීමට ලක් කෙරිණ.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගුවන් හමුදා ස්කොෂ් පිරිමි කණ්ඩායම

 

ගුවන් හමුදා ගොල්ෆ් පිරිමි කණ්ඩායම

 

ගුවන් හමුදා බැඩ්මින්ටන් කාන්තා කණ්ඩායම

 

ගුවන් හමුදා දුන්නෙන් විදීමේ කාන්තා කණ්ඩායම

 

-036

 


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගයෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.