Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල - කිරිඳිවැල අවසන් තරගයට

ගුරුකුල - කිරිඳිවැල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය සංවිධානය කරන ගම්පහ දිස්ත‍්‍රික් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය සුදුසුකම් ලබා සිටියි.


ගුරුකුල විද්‍යාලය සහ කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය අතර අවසන් මහ තරගය මේ මස 30 වැනිදා වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


කැලණිය ගුරුකුල විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර වේයන්ගොඩදී පැවැති අවසන් පුර්ව තරගය විසඳුමකින් තොරව අවසන් වීමත් සමග ගුරුකුල විද්‍යාලය තරගාවලියේ ප‍්‍රසාද ලකුණු මත අවසන් තරගයට සුදුසුකම් ලැබීය.


පළමු අවසන් පූර්ව තරගයේදී කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය, වත්තලදී පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා අවසන් තරගයට පැමිණියේය.

 


ගුරුකුල - මීගමුව මාරිස්ටෙලා තරගය


ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම  ඕවර 64 කදී කඩුලූ 8 ට 250
(කෙමිර නයනතරු 82, ඉමන්ත ෂෙහාන් 45, දිලිප් චාමර 38, සෙනෙෂ් සන්දීප 55/3)


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉනිම  ඕවර 32 කදී කඩුලූ 9 ට 105
(ෂෙහාන් දිල්රුක් 53, ලික්ෂාන් සසංග 23/4, නියුක් රාජපක්ෂ 33/2)

 

 

කිරිඳිවැල ම.ම.වි. - ගම්පහ බණ්ඩාරනායක තරගය


කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය  ඕවර 59.5 කදී කඩුලූ 7 ට 185
(දයාන් පන්කජ 90, කුෂාන් කාවින්ද 30, පියුමල් රූපසිංහ 32/2)


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය  ඕවර 34.3 කදී 91
(ජනිත් තාරුක 21, ශසිත් හිරුදික 29/3, ෂෙහාන් ලක්ෂාන් 20/3)


අදහස් (0)

ගුරුකුල - කිරිඳිවැල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.