Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර ගලහිටියාව කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය.

තරගය නරත කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගුරුකුල විදුහල  ඕවර 52 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

එහිදී අගනා ඉනිමක් කී‍්‍රඩා කළ නුවන්ත මධුෂංක, ලකුණු 77 ක් රැුස්කළ අතර ගුරුකුල ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් රුචිර දිල්ෂාන් (44) සමග එක්ව ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමටද සමත්විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ එන්රිකෝ ජොෂප්, ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ලකුණු 64 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විදුහල ඕවර 48.5 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 155 ක් රැස්කළ අතර ශාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නදීෂ් බණ්ඩාර ලකුණු 83 ක් රැස්කිරීමට සමත්විය.

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 48.5 කඩුලූ 9 ක් දැවී 155
(නදීෂ් බණ්ඩාර 83, ඉසිඳු අමාවින් 20/4, නුවන්ත මධුෂංක 34/2)

කැලණිය ගුරුකුල විදුහල පළමු ඉනිම -  ඕවර 52 කඩුලූ 9 ක් දැවී 248
(නුවන්ත මධුෂංක 77, රුචිර දිල්ෂාන් 44, රුක්ෂාන් සසංග 25, දිලිප් චාමර 30, එන්රිකෝ ජොෂප් 64/5, නයනජිත් මොරවක 44/2, අරුක්ෂ මනුල 52/2)


අදහස් (0)

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.