අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කැලණිය ගුරුකුල විදුහල අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ගුරුකුල විදුහලේ සිතිජ චමෝද් නොදැවී ලකුණු 68 ක් රැස්කළ අතර එම විදුහලේම ලික්ෂාන් සසංජ ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ලයිසියම් ජාත්‍යන්තර විදුහල් පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 83
(දුලීප ගීතාංජන 25, තුවාන් හස්මිත් 20, ලික්ෂාන් සසංජ 15/5, ප්‍රවීන් නිමේෂ් 23/2)
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 4 ක් දැවී 209
(සිතිජ චමෝද් නොදැවී 68, රෂ්මික මෙවන් 41, සසිත අශාන් 27, කෙමිර නයනතරු 29, ලික්ෂාන් සසංජ 21, විශාල් පෙරේරා 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.