Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගැමුණු චේතිය වරදකරු වෙයි

ගැමුණු චේතිය වරදකරු වෙයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැති ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායක ගැමුණු චේතියට එරෙහිව එල්ල වී තිබූ විනය චෝදනාවට ඔහු වැරදිකරු කළ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ විනය කමිටුව චේතියට එරෙහිව පියවර ගැනීම සඳහා නිර්දේශ හතරක් ඉදිරිපත්කර තිබේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්‍ෂණය කොළඹ ලුම්බිණි විදුහලේදී පැවැත්විණි.

ගැමුණු චේතිය පාසල් රග්බි පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයකු වීම හේතුවෙන් පාසල් රග්බි සංගමයේ වාර්තාව පදනම් කරගෙන ඔහු පිළිබඳව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමයට දැනුම්දීම පළමු නිර්දේශය වේ.

ගැමුණු චේතියගේ පාසල් ක්‍රීඩා වර්ණ අත්හිටුවීම, ඔහු වෙනුවෙන් පාසල් රග්බි සංගමය විදේශ සංචාරය සඳහා වැය කළ රුපියල් ලක්‍ෂ තුනක පමණ මුදල අයකර ගැනීම සහ ඔහු විනය චෝදනාවකට වරකරුවකු වී ඇති බව ඔහුගේ පාසලට දැනුම්දීම සෙසු නිර්දේශ වේ.

පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ අදාල ක්‍රීඩකයා පාසල් වයස් සීමාව පසු කළ ක්‍රීඩකයකු බැවින් ඔහු පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය කටයුතු කිරීම වඩාත් වැදගත් බවයි.

“ඔහුට එල්ල වී තිබුණු චෝදනාවට ඔහු වැරදිකරු වුණා. ඒ අනුව අපි නිර්දේශ හතරකට එළඹුණා” යැයි චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම විනය පරීක්‍ෂණයට ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ කළමණාකරු සනත් ඉලේපෙරුම මහතා ඇතුළු නිලධාරීහූ රැසක් සහභාගි වූහ. 


අදහස් (0)

ගැමුණු චේතිය වරදකරු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.