Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගාල්ල විද්‍යාලෝක විදුහලට පලමු ඉනිමේ ජයක්

ගාල්ල විද්‍යාලෝක විදුහලට පලමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මතුගම ශා. මරියා විදුහල් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල් පිල අද (06 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල විද්‍යාලෝක විදුහල් පිල පිල වෙනුවෙන් ඉනිම දෙකෙහිදීම අර්ධ ශතක වාර්තා කරගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ශෙහාන් යෂ්මිල සහ සචිදු සෞම්‍යය සමත්වූ අතර ජනිතු කුමාර ලකුණු 72 කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

නවීන් දේවින්ද සහ ක්‍රිශාන් ප්‍රනාන්දු මතුගම ශා. මරියා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.


විද්‍යාලෝක විදුහල - පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 319
(ශෙහාන් යෂ්මිල 83, සචිදු සෞම්‍යය 50, සංජු ලක්ෂාන් 27, පැතුම් හසරංග 39, ලෝචන ශලංක 35, ළහිරු ඩිල්ශාන් 66/3, ශානුක උදයංග 97/2)

ශා. මරියා විදුහල - පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලුදෙනා දැවී ලකුණු 254
(නවීන් දේවින්ද 83, ක්‍රිශාන් ප්‍රනාන්දු 54, ශානුක උදයංග 46, ජනිතු කුමාර 72/5, කුමුතු කිසල් 59/4)

විද්‍යාලෝක විදුහල - දෙවන ඉනිම - ඕවර 63.3 කදී සියලුදෙනා දැවී ලකුණු 300
(ශෙහාන් යෂ්මිල 52, සචිදු සෞම්‍යය 64, රමුදිත දිසල් 37, ජනිතු කුමාර 35, ශෙනිත් ප්‍රවීන් 28, පැතුම් හසරංග 28, ළහිරු ඩිල්ශාන් 63/4, ක්‍රිශාන් ප්‍රනාන්දු 76/3)

 


අදහස් (0)

ගාල්ල විද්‍යාලෝක විදුහලට පලමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.