Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ග්ලෝබල් ලීග් තරගාවලිය වසරකින් කල් යයි

ග්ලෝබල් ලීග් තරගාවලිය වසරකින් කල් යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොවැම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ විස්සයි20 ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලිය 2018 නොවැම්බර් මස දක්වා කල්දැමීමට එහි සංවිධායකයන් තීරණය කර තිබේ.

ලොවපුරා විකාශන කටයුතු කිරීම සදහා ගැලපෙන විකාශන ආයතනයක් සහ ප්‍රධාන අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25 කට ආසන්න මුදලක් අහිමිවී යන අතර එය තරගාවලිය සංවිධානය කිරීමේදී වැයවන මුදලින් හරි අඩකට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන විධායක නිළධාරී තබාන්ග් මොරෝයී මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම තීරණය ගැනීම ඔවුන්ට පහසු දෙයක් නොවූ බවයි.

වාණිජ අයිතිකරුවන් ඇතුළු අපගේ සියළුම පාර්ශවකරුවන් සමගින් සාකච්ඡාකර මේ තීරණය ගත් අතර අපගේ ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ ලීග් තරගාවලියෙන් හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් බව අප විශ්වාස කරන බවයි. විස්සයි20 ග්ලෝබල් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර කල්දැමිමට සිදුවුවද සම්පූර්ණ ශක්තිය යොදා ගනිමින් ලබන වසරේදී තරගාවලිය හොදින් සංවිධානය කිරිමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.

එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ හිටපු එංගලන්ත පිතිකරු කේවින් පිටර්සන් ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් 2017 තරගාවලිය සදහා ගිවිසුම් ගතව ඇත.

නොවැම්බර් 03 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට කණ්ඩායම් අටක් එක්ව තිබිණ.

 


අදහස් (0)

ග්ලෝබල් ලීග් තරගාවලිය වසරකින් කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.