ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ රිච්මන්ඞ් පාපන්දු සංගම් පිල අතර සුහද පාපන්දු තරගය අනිද්දා (01) පස්වරු 4.00 ට කොග්ගල වෙළෙඳ කළාප ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රිකට් සමාජයේ සංවිධානයෙන් පැවැත්වේ.
ජාතික කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධනය, තරංග පරණවිතාන, සචිත‍්‍ර සේනානානයක සහ හිටපු ක‍්‍රීඩකයන් වන චමින්ද වාස්, චම්පක රාමනායක, උපුල් චන්දන ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් මෙම තරගයට සහභාගි වන බව සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ශාරීරික ව්‍යායාමක් ලෙසද පාපන්දු ක‍්‍රීඩාවේ යෙදීම නිසා ඉතාමත් හොඳ තරගයක් නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති බවට සංවිධාකයෝ විශ්වාසය පළ කරති.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.