Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රිකට් අතුරු කමිටුවට විරෝධය

ක‍්‍රිකට් අතුරු කමිටුවට විරෝධය

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව අයි. සී. සී. යට කරුණු දැක්වීම සඳහා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජික ක‍්‍රීඩා සමාජ දැනුවත් කිරිමේ රැස්වීමක් හෙට කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේදී පැවැත්වීමට හිටපු කී‍්‍රඩා නිලධාරීන් කීපදෙනෙකු තටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ අදාල ක‍්‍රිකටට් සමාජ වල නිලධාරීන් පැවසුවේ  මෙතෙක් තම ක‍්‍රීඩා සමාජ ගැන නොතැකූ මෙම ඇතැම් නිලධාරීන් දැන් තම පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කී‍්‍රඩා සමාජ ගැන කිඹුල් කඳුළු හෙළීමට සූදානම්ව ඇති බවයි.

මෙම හිටපු නිලධාරීන් කීපදෙනා පසුගිය සති අන්තයේදී කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩා සමාජයේදීද මෙවැනි රැස්විමක් බස්නාහිර පළාත් කී‍්‍රඩා සමාජය සමග පැවැත්වීමට සූදානම් වූවත් එය අසාර්ථක වී තිබේ. කි‍්‍රකට් අතුරු කමිටුව පත් කිරීමට මුල්වූ හිටපු ලේකම්වරයෙකු, මෙන්ම හිටපු සභාපතිවරයෙකු,  හිටපු උප සභාපතිවරයෙකු හා හිටපු උප ලේකම්වරයෙකු මේ සඳහා මුල්වී සිටින බව පැවසේ. මෙම හිටපු සභාපතිවරයා පසුගිය දෙවසරේම කි‍්‍රකට් විධායක සභාවේ සිටියද කිසිදු විධායක සභා රැස්වීමකට සහභාගිවී නැතැයිද වාර්තා වේ.

 


අදහස් (0)

ක‍්‍රිකට් අතුරු කමිටුවට විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.