Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක‍්‍රිකට් ආයතනයට එරෙහි තොරතුරු කොමිසමට

ක‍්‍රිකට් ආයතනයට එරෙහි තොරතුරු කොමිසමට

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩා අමාත්‍යාංශයට හා හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා සිදු කළ බව කියන වංචා හා දූෂණයන්ට අදාල තොරතුරු ජනතා විමුක්ති පෙරමුණ විසින් රජය අලූතින් ස්ථාපනය කළ දූෂණ මර්දන කමිටු කාර්යාංශයට ඊයේ බාර දුන්නේය. මීට ඉහතදී එම වංචා හා දූෂණ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේය.

"නව රජය බලයට පත්වුණාට පස්සේ නාස්තිය දූෂණය අල්ලස පිටු දකින්න රටේ ජනතාවගේ උනන්දුවක් ඇති වුණා. ඒ වෙනුවෙන් තමයි පක්ෂයක් ලෙස අපි කමිටු කීපයක්  නම් කළේ. මහා පරිමාණ මට්ටමේ රජයේ ආයතන වල හා පුද්ගලයින් සම්බන්ධ වූ මූල්‍යමය ගනුදෙනු පිළිබඳව ලැබුණු තොරතුරු අපි බාර දුන්නා.  මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට වඩා වැඩි ඉක්මන් මැදිහත් වීමක් කරන්න මේ ඒකකයට පුලූවන්. ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය අමතමින් පැවසීය. මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතාද එක්විය.


අදහස් (0)

ක‍්‍රිකට් ආයතනයට එරෙහි තොරතුරු කොමිසමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.